පාසලේ ඉතිහාසය

Children's Day Celebration

Gnc_1.jpeg
Gnc_1.jpeg

 

1950 ජනවාරි මස 01 වන දින පූජ්‍ය ලියන්ගස්වගුරේ ශ්‍රී ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්  ගුරුභවතුන් දෙදෙනෙකුගෙන් පමණ වූ ගුරුමණ්ඩලයකින් හා 75ක් පමණ වූ කුඩා සිසුන් ප්‍රමාණයකින් පොළොන්නරුව ගිරිතලේගම මහා විද්‍යාලය ඇරඹීය.එසේ  ඇරඹී අප විද්‍යාලය විවිධ වූ විදුහල්පතිවරුන්ගේ නායකත්වයන් යටතේ පැවතවිත් 2021 ජූනි මස 10වන දින  I. උපාලි ඉලංගකෝන් විදුහල්පතිතුමන්ගේ නායකත්වයෙන් සිසුන් 2500 කට අධික පිරිසක් හා ගුරුභවතුන් 100කට ආසන්න ගුරුමණ්ඩලයකින්  සුසැඳි අප විදුමව්න් පොළොන්නරුව ගිරිතලේගම ජාතික පාසල නමින් අභිසෙස් ලද්දෙමු.

මාධ්‍ය අශය,ක්‍රීඩා අංශය, සෞන්දර්‍ය් අංශය,පරිසර නියමුබට කණ්ඩායම,බාලදක්ෂ කණ්ඩායම, හමුදා පොලිස් නියමුබට කණ්ඩායම ආදී සියලු අංශවලින් සමන්විත වන අප විද්‍යාලය, දරුවන්ගේ දැනුම් කෙත අස්වද්දන දැනුම් නිකේතනයක් බවට පත්ව හමාරයි.  වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තීය අධ්‍යාපන  අශයක්ද ගිරිතලේගමජාතික පාසල තුළ ක්‍රියාත්මක වේ. “ විශිෂ්ටත්වයෙන් යුතුව ජයග්‍රහණය කරා ශික්ෂාකාමීව ඉදිරියට” යන දැක්ම පෙරටුකොටගනිමින් මේවන විට උතුරුමැද පළාතෙහි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම අංශයකින්ම කැපී පෙනෙන පාසලක් බවට පොළොන්නරුව ගිරිතලේගම ජාතික පාසල පත්ව ඇත.

ආරම්භ කළ වර්ෂය

1950 ජනවාරි මස 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

75

මුල් ගුරුතුමාගේ නම

පූජ්‍ය ලියන්ගස්වගුරේ ශ්‍රී ධම්මානන්ද ස්වාමීන් වහන්සේ

පාසලේ නම

 ගිරිතලේගම මහා විද්‍යාලය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01