විදුහල්පති පණිවිඩය
අයි. උපාලී ඉලන්ගකෝන් මයා
උතුරු ම පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලෙ ග්‍රාමයේ කොලඹ මඩකලපුව මාර්ගය ආසන්නයේ පිහිටි අභිමානවත් තක්ෂිලාවකි ගිරිතලේගම ජාතික පාසල. මා මෙම විද්‍යාලයට විද්හල්පති ලෙස පැමිණෙන්නේ 2015 මයි මස 15වන දිනයි. එවකට විද්‍යාලයේ සිසුන් සංඛ්‍යාව 1300 කි. බොහොමයක් ගොඩනැගිලි දිරාපත් වෙමින් පවිතිණි.අපොස සා/පෙළ හා අපොස උ/පෙළ ප්‍රතිඵල 43% ක මට්ටමක පැවතුණි.සෞන්දර්‍ය විශයන් සිදුරනු ලැබුවේ ක්‍රීඩා පිටියේ ඇති මයිල ගස අසළය.නිසි පරිදි කාර්‍යාලයක් තිබුණේ නැත. කෙසේ නමුත් මේ අභියෝග මැද පාසලේ කටයුතු ආරම්භ කළ මා 2017 වනවිට අංගසම්පූර්ණ දෙමහල් පන්ති කාමර ශාලවක් , සියලු පහසුකම් සහිත පරිපාලන ඒකකයක් හා සියලු පහසුකම් සහිත රංග ශාලාවක් විද්‍යාලයට ලබා ගැනීමට කටයුතු කරන ලදි. අපොස උ/පෙළ ප්‍ර්තිඵල අනුව තාක්ශණ විශය ධාරාවේ දිස්ත්‍රික් කුසලතාවය 1 හා 2 ද කලා විශය ධාරාවේ දිස්ත්‍රික් කුසලතාවය 1 ද වාණිජ විශය ධාරාවේ දිස්ත්‍රික් කුසලතාවය 1,7,9 ද ආදි වශයෙන් මෙන්ම විශාල සිසුන් සංඛ්‍යාවක් කලා,වාණිජ, විද්‍යා තාක්ෂණ වශයෙන් විශ්ව විද්‍යාල වරම් රැසක් ලැබීය.
සාමන්‍ය පෙළ ප්‍රතිඵලය 43% ක්ව සිට 85%ක් දක්වා රගෙන ඒමට හැකිවිය.එමෙන්ම කරාටේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ් ද අනෙකුත් බාහිර අංශවලින් සමස්ත ලංකා, පළාත්, කොට්ඨාස ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇත. එමෙන්ම පරිසරනියමුබට කණ්ඩායම,ශිෂ්‍යබට කණ්ඩායම,ගිරිදියෆ්ලෑශ් සංගීහ කණ්ඩායම වශයෙන් විශය බාහෛර කටයුතු රැසක් ද මේ වනවිට ආරම්භ කර ඇත.ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා අංකුරයක් රෝපණය කරමින් දරුවන්ට වැඳපුදා ගැනීමට අලංකාර බෝධිමන්දිරයක් ද නිම කරන ලදි.
මා පෙර දැක්වූ යේ මාගේ පාලන අවධිය තුළ මා සිදුකළ කාර්‍යයන් කිහිපයකි. එමෙන්ම අප ලැබූ විශිෂ්ඨ ජයක් වන්නේ පොළොන්නරුව ගිරිතලේගම මහා විද්‍යාලය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නමගිය ජාතික පාසල් වීමයි.මාගේ පාසලේ මේ වනවිට ශිෂ්‍යා සංඛ්‍යාව 3000 ඉක්මවා ඇත.
ගිරිතලේගම ජාතික පාසල දිනෙන් දින වැජඹේවායී මාගේ ප්‍රාර්ථනයයි.
තෙරුවන් සරණයි.....
අයි. උපාලී ඉලන්ගකෝන් මයා
විදුහල්පති
පෝ/ ගිරිතලේගම ජාතික පාසල..





