නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ආර්.ජී.පී. රාජමන්ත්‍රී මිය
වර්ෂ 1950 දී සිසුන් 05 දෙනෙකුගෙන් හා එක් ගුරු භවතකුගෙන් ආරම්භ කළ වර්ථමානයේ සිසුන් 3000 ක් හා ගුරු භවතුන් 88 කින් සමන්විත ගිරි තලේගම ජාතික පාසල පොළොන්නරු දිස්ත්‍රික්කයේ දීප්තිමත් පාසලකි.
අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර අපොස (උ.පෙළ) කලා, වාණිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණික විෂයය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් උසස් අධ්‍යාපනය සඳහා විශාල දරු පිරිසක් වාර්ෂිකව යොමු කරනු ලබයි. විෂය හා විෂයානුබද්ධ වැඩසටහන් තුළින් ජයග්‍රහණ ලබාගන්නා දරුවන් අප පාසල තුළ සිටීම සතුටට කරුණකි.
වර්තමාන විදුහල්පතිතුමාගේ නායකත්වය යටතේ 2015 වර්ෂයේ සිට විද්‍යාලීය පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත් කිරීමට ද, ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු වල ප්‍රගතිය ඇති කිරීමටද, විෂය සමගාමී කටයුතු වඩාත් පුළුල් කිරීමටද එතුමා දුන් නායකත්වය අති විශිෂ්ඨ බව සමස්ත පාසල් ප්‍රජාවගේ පිළිගැනීමයි.
විදුහල්පති භූමිකාවේ සාධනීය ලක්ෂණ මැනවින් විදහා දක්වමින් තම අප්‍රතිහක ධෛර්යය හා කැපවීම මත ගිරිතලේගම ජාතික පාසල දිස්ත්‍රික්කයේ පාසල් අතර ඉහළ මට්ටමේ තලයකට ඔසවා තැබීමට හැකි වී තිබේ.
නව විෂය මාලා ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද පාසල තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සුහුරු පන්ති කාමර ආරම්භ කරමින් අධයාපන කටයුතු නව නව ප්‍රවේශයක් ඔස්සේ වර්තමානය වන විට ක්‍රියාත්මක වේ.
ගුණයෙන්, නැණයෙන් පිරි මෙවන් දරු පිරිසක් දැයට බිහිකළ, ගිරිතලේගම විදු මවට මතුවටත් එවන් දරු පිරිසක් බිහි කිරීමට ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
ආර්.ජී.පී. රාජමන්ත්‍රී මිය
නියෝජ්‍ය විදුහල්පති
පෝ/ගිරිතලේගම ජාතික පාසල.





