නිබඳ වාසනා ගුණ අති පූජිත
විරාජමානයි ඔබ මෑණියනි......//
යුගයෙන් යුගයට ජය මාවත වේ
ඔබේ සෙවන සෙත් සුව දායක වේ
රුපු එඩි බළ බිඳ වීර ස්වභාවික
දස දෙස එළි කළ දෑ අභිමානේ
හෙළ විරුවන් ජයගත් ජය මන් පෙත......//
අපේ උරුමයන් සේ සුරකිමු
නමදිමු විදුහල් මව්නි ගරු
නිබඳ වාසනා ගුණ අති පූජිත......//
විදු සිප් සතරෙත් යහ ගුණ දහමෙත්
අපේ සිරස මත කිරැළු පළන්දන
ගිරිතලේගම මහ විදුහල් මව්
ජයතු ජයතු ජයතු
ජයතු චිරං ජයතු
.





