ගිරිතලේගම ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ සමාජය පිහිටුවීම පසුගිය (2023) ජනවාරී මාසයේදී විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ සිසුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිනි. එයෙ පිහිටුවීමේ මූලික අරමුණු අතර විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන සිසුන්ගේ උනතිය හා විද්‍යාලය තුල විෂයෙහි පවතින අඩුපාඩු සකස් කිරීම ප්‍රධාන විය.
ඒ අනුව එම කාර්‍යයන් සදහා අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කර ගැනීම විද්‍යාලයේ දෙමාපියන් අපහසුතාවයට පත් නොකර සිදු කර ගැනීමට නිලධාරී මණ්ඩලය හා අනුශාසක කමිටුව තීරණය කරන ලද අතර එහිදී යෝජනා ස්තීර වන ලද අරමුදල් රැස් කිරීමේ පලමු ක්‍රියාදාමය ලෙස විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සමාජය නමින් ස්ටිකර අලවි කිරීමේ ව්‍යාපාරයක් අද දින ආරම්භ කෙරිනි.
ඒ අනුව විද්‍යාලාධිපති උපාලි ඉලංගකෝන් ගුරුපියානන් හට මංගල ස්ටිකර් අලවිය සිදු කරන ලද අතර ඉන් අනතුරුව නියෝජ්‍ය විදුහල්පතිතුමියට හා සහකාර විදුහල්පතිතුමන් හට ස්ටිකර අලවිය සිදු කෙරිණි.
මේ සදහා විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සමාජයේ සභාපති පසිදු සොයුරා, ලේකම් ගෝමික සොයුරා සහ භාණ්ඩාගාරික සොයුරා මෙන්ම එහි අනුශාසක මණ්ඩල
සාමාජිකයින් වන නුවන් සිරිවර්ධන ගුරු පියානන්, ඩබ්. ඒ. චන්ද්‍රසෝම ගුරු පියානන් හා රවිමාල් හේරත් ගුරු පියානන් සහභාගී විය.
ඔබටත් හැකි අයුරින් මෙම ස්ටිකර අලවිය සදහා සහභාගී වී සහ මිලදී ගැනීම තුලින් විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සමාජයේ ඉදිරි කටයුතු සහදා සහය වන ලෙසට මෙලෙස ආරාධනා කර සිටිමු..
භාර ගුරුවරු
| එම්.ජී. නුවන් සිරිවර්දන මයා |
| එච්.එම්.ජී.ආර්. හෙරත් මයා |
| ඩ්බ්ලිව්.ඒ. චන්ද්‍රසොම මයා |
කලමණාකරන මණ්ඩලය
| ආර්.ඒ. පසිදු දිල්ශාන් [සභාපති] |
| පී.එම්. ගෝමික සදරුවන් [ලේඛම්] |
| ඩී.ඩ්බ්ලිව්. දිමුතු කසුන් |






