“විකුම් ගිරිදිය - 2024” නිවාසාන්තර මලල ක්‍රීඩා ආරම්භ වූයේ මැරතන් තරගයෙනි. ගිරිතලේගම ජාතික පාසලේ “විකුම්
ගිරිදිය - 2024” නිවාසාන්තර ක්‍රීඩා උළෙල ප්‍රථම ක්‍රීඩා ඉසව්ව ලෙස මැරතන් තරගයේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් කළේය. පසුව එල්ලේ, ක්‍රිකට්, නෙට්බෝල් සහ වොලිබෝල් ක්‍රීඩා ඉසව් පැවැත්විණි. ඒ අනුව මෙතෙක් පැවැති ක්‍රීඩා ඉසව්වලින් ප්‍රසාද ලකුණු 74ක් ලබා පැරකුම් හවුස් ප්‍රථම ස්ථානයටත්, ප්‍රසාද ලකුණු 59ක් ලබා මහසෙන් හවුස් ක්‍රීඩා සමාජය දෙවන ස්ථානයත්, ප්‍රසාද ලකුණු 57ක් ලබා ගත් විජයබා නිවස තෙවැනි ස්ථානයත්, ප්‍රසාද ලකුණු 40ක් ලබා ගත් ගජබා නිවස සිව්වැනි ස්ථානයත් හිමිකරගෙන ඇත. ඒ අනුව “2024-විකුම් ගිරිදිය” නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 මාර්තු 26 වැනිදා පොළොන්නරුව ගිරිතලේගම ජාතික පාසලේදී පැවැත්වේ. එදින රාත්‍රියේ අප විද්‍යාලයේ “ගිරිදිය ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම” ඔවුන්ගේ පළමු ප්‍රසංගය පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.





