හය ශේණියට සිසුන් ඇතුළත් කිරීම - 2024
අප විද්‍යාලයීය 2024 වර්ෂයේ හය ශේණිය සදහා පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත තෝරාගත් දරුවන් 2024.02.22 වන දින හය ශේණියට ඇතුළත් කරන ලදී.
එදින ගුරුකුළ ප්‍රාථමික විද්‍යාලය., ජනපදය ප්‍රාථමික විද්‍යාලය, තඹලවැව ප්‍රාථමික විද්‍යාලය ., නාමල්වැව ප්‍රාථමික විද්‍යාලය, මඩුදමන ප්‍රාථමික විද්‍යාලය, වැනි පාසල් රැසකින් පැමිණි ළමුන් 220 ක් පමණ එදින හත ශේණියේ සිසුන් විසින් මල් වට්ටියක් ලබා දී ඔවුන්ව පාසලට පිළිගන්නා ලදී.
එදින,
- දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම,
- දරුවන් පන්ති අනුව වෙන්කොට අදාළ පන්තිභාර ගුරුභවතා හදුන්වා දීම,
- දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනක් සහ,
- තේරීපත් වූ දරුවන්ගේ දෙමාපියන් පාසලේ විදුහල්පතිතුමා පැවැත්වූ හරවත් දේශනය සිදුවිය.
ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අප විද්‍යාලයට ඇතුළත් වීම සදහා තේරීපත් වූ සියළුම දරුවන්ට අපගේ උණුසුම් සුභාශිංශන පිරිනමමු.





