හිගුරක්ගොඩ
උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේහි ගිරිතලේ වැව ආසන්නව සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ පමණක් ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
විශිෂ්ඨත්වයෙන් යුතුව ජයග්‍රහණය කරා ශික්ෂාකාමිව ඉදිරියට .
ක්‍රියාශීලි , අවංක , සඵලවත් දු පුතුන් දැයට හිමිකර දීමේ උදාර කාර්යය උදෙසා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක නිරතවීම අපගේ මෙහෙවරයි.